බැසිල් තාම දිවුරුම් දීලා සතියයි! දරුවෙක් ලැබෙන්නත් මාස නවයක් යනවා

0
Prasanna Ranatunga - බැසිල් තාම දිවුරුම් දීලා සතියයි! දරුවෙක් ලැබෙන්නත් මාස නවයක් යනවා
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දී තවමත් ගතවුණේ සතියක කාලයක් පමණක් බවත් ඉදිරියේදී ඒ මහතා තම වගකීම් නිසි කාලයට නිසි ආකාරයට ඉටු කරනු ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“බැසිල් රාජපක්ෂ මහතා තාම පාර්ලිමේන්තුවේ දිවුරුම් දීලා සතියයි. දරුවෙක් ලැබෙන්නත් මාස නවයක් යනවා. ඉදිරියටත් බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ වගකීම් නිසි කාලෙට නිසි ආකාරයට ඉටු කරන බව විශ්වාසයි. ඒ සැලසුම් සහගත ක්‍රියාවලියේ දී විශේෂ වෙනස්කම් රැසක් ඉදිරියේ දී සිදු වෙන්න ඉඩ තිබෙනවා.” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී ජනතාවට පොරොන්දු වූ සහන ලබාදෙන්නේදැයි මාධ්‍යවේදීන් ඊයේ (13) කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය රණතුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.