පාසල් සිසුන්ටත් කොවිඩ් එන්නත ලබාදෙයි! දෙන වකවානුව මෙන්න

0
Covid Vaccine for School Students - පාසල් සිසුන්ටත් කොවිඩ් එන්නත ලබාදෙයි! දෙන වකවානුව මෙන්න
පාසල් දරුවන්ට කොවිඩ් එන්නත දීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ වෛද්‍ය කමිටුව ඒ සඳහා අවසර දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පෙර පාසල් දරුවන්ගෙන් කොටසකට හෝ එන්නත් දීම අපේක්ෂාව බව ද ඒ මහතා කීය.

මේ වනවිට පාසල් විදුහල්පතිවරුන්,ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් දීම සාර්ථකව සිදුවන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.