අද දවසේ කාලගුණය – ප්‍රදේශ කිහිපයකට වැසි

0
Today Weather අද දවසේ කාලගුණය – ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවයි ඔවුන් නිවේදනය කරන්නේ .

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකියි.

Weather Report Today

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය:

කොළඹ සිටගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ වයඹ දිශාවලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60පමණ දක්වා වැඩි විය හැක.සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 පමණ දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

මන්නාරම සිටකොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. . දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.