දෛනික කොවිඩ් ආසාදිතයින් 1,404ක්

0
Covid New Cases - දෛනික කොවිඩ් ආසාදිතයින් 1,404ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 522ක් අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,404කි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 277,510ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,328 දෙනෙකු අද (13) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 247,569ක් බවය.

Recoveries Today

මේ අතර අද දිනයේ කොවිඩ් මරණ 41ක් තහවුරු කර ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…