තවත් කොවිඩ් මරණ 41ක්

1
Covid Deaths Today - තවත් කොවිඩ් මරණ 41ක්
තවත් කොවිඩ් මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (12) දින තහවුරු කර ඇති එම මරණ 41ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,574ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ තහවුරු කරන ලද මෙම මරණ අතරට පිරිමි පුද්ගලයන් 23ක් සහ කාන්තාවන් 18ක් ඇතුලත්.

ඒ අතර අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු වනවා.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 15ක් සහ කාන්තාවන් 13ක් මියගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.