අගරදගුරුතුගෙන් ආණ්ඩුවට ලිපියක්

0
කාදිනල් තුමාගෙන් ආණ්ඩුවට ලිපියක්

පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ  දැනට සිදුකරන විමර්ශන පිළිබඳ යෝජනා මාලාවක් හා එම විමර්ශනවල ඇති අඩුපාඩු පෙන්නා දී ලිපියක් ජනපතිට ඇතුළු රජයට යොමු කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ බොරුල්ල අගරදගුරු මැදුරේ අද පැවසූහ.

ජාතික කතෝලික ප‍්‍රකාශක කමිටුවේ කතෝලික රදගුරු මණඩලයේ රදගුරුතුමන්ලා හත්දෙනකු පියතුමන්ලා සහ විද්වතුන් පිරිසක් එක්ව  මෙම වාර්තාව සකස් කළ බව ද කාදිනල් තුමෝ සඳහන් කළහ.

බොරැල්ල අගරදගුරු මැදුරේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කාදිනල් තුමෝ මේ බව කියා සිටියහ.