අධ්‍යාපනයට වෙන්වූ රූපවාහිනී නාලිකා විස්සක්

0
Education Channels - අධ්‍යාපනයට වෙන්වූ රූපවාහිනී නාලිකා විස්සක්

අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වූ රූපවාහිනී නාලිකා විස්සක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ යටතේ පළමුවන ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා නාලිකා දහතුනක්ද,පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූ නාලිකා දෙකක්ද ආරම්භ කෙරෙනු ඇති.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකට පසුගියදා සහභාගී වෙමින්.

මෙහිදී සමෘද්ධි සෞභාග්‍යයා වැඩසටහනට සමගාමීව උසස්පෙළ දරුවන් සඳහා එක් දරුවකුට මසකට 1500 බැගින් වසර දෙකක කාලයක් සඳහා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීමක් ද සිදුවුනා.

මේ යටතේ එම දරුවන් සඳහා මාස 10 ක මූල්‍යධාර වශයෙන් රුපියල් 15,000 බැගින් එකවර ලබාදීම සිදුකෙරුණා.

රටක දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීමට නොදී රැක ගැනීම රජයක වගකීම බව සඳහන් කල අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපනය යනු රටෙහි කොදුනාරටිය බවත් කුමන අභියෝග හමුවේ වුවද එහි වගකීම රජයේ භාර ගන්නා බවයි.