රාවණා ඇල්ලෙන් මතු වූ බව කියන රාවණා (VIDEO)

0
Ravana - රාවණා ඇල්ලෙන් මතු වූ බව කියන රාවණා (VIDEO)

බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ ගල් පර්වතයක රාවණා රුව මතුවී ඇති බවට ආරංචිය පැතිර යාමත් සමඟ එය නැරඹීමට බොහෝ පිරිස් පැමිණෙමින් පවතිනවා.

රාවණා රජුගේ දඬුමොණරය ගාල් කළ බවට ජනප්‍රවාද පවතින ප්‍රදේශයක ගල් පතුරකයි මෙම රුව මතුවී ඇති බව පැවසෙන්නේ.

රාවණා රජු දඬුමොණර යන්ත්‍රය ගාල් කරනු ලැබුවේ මෙම දියඇල්ල ඉස්මත්තේ පිහිටි ස්ථානයක බවටයි ජනප්‍රවාදවල සඳහන් වන්නේ.සඳහන් කළේ.

රාවණා ඇල්ල ආශ්‍රිතව රාම රාවණා කතාපුවතට පාදක වූ ඉතිහාසගත කරුණු රැසක් බැඳී පවතිනවා.

සිතා දේවිය සඟවා තැබුවේ යැයි ජනප්‍රවාදවල සඳහන් රාවණා ගුහාවක්ද මේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති බවයි පැවසෙන්නේ.

වීඩියෝව පහතින්…