පුස්ඇලි ඔයේ එකම පවුලේ සිව්දෙනෙක් ගසාගෙන යයි! අයෙක් අතුරුදහන්

0
Puseli Oya Incident - පුස්ඇලි ඔයේ එකම පවුලේ සිව්දෙනෙක් ගසාගෙන යයි! අයෙක් අතුරුදහන්

අධික වර්ෂාව හේතුවෙන් හංවැල්ල ආටිගල ප්‍රදේශයේ අඩි 3ක් පමණ ජලයෙන් වැසී ගොස් තිබූ මාර්ගයක පා ගමනින් ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු සිව්දෙනෙක් ජල පහරට හසුව පුස්ඇලි ඔයට ගසා ගෙන ගොස් තිබේ.

ඊයේ (11) රාත්‍රි 7.15ට පමණ එම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

එලෙස ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති 32හැවිරිදි පුද්ගලයකු අතුරැදන්ව ඇති අතර හංවැල්ල පොලීසිය හා නාවික හමුදා කිමිදුම්කරැවන් එක්ව අද (12) උදෑසන අතුරැදන් පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙලෙස ජල පහරට ගසා ගෙන ගිය පිරිස පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරැවන් වන බවත් හංවැල්ල ආටිගල ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට පැමිණි අතරවාරයේ දී රඹුටන් කැඩීම සඳහා ගොස් නැවත එමින් සිටිය දී අනතුරට ලක්ව ඇති බවත් පොලීසිය පවසයි.

සිදුවීමට මුහුණ දුන් තරුණයෙක් තම අත්දැකීම මෙසේ කියා සිටියේය.

“අඩි 3ක් විතර වතුර තිබුණා. මමයි අයියයි ඉස්සෙල්ලා ගියා. අක්කයි මල්ලී මේ පැත්තෙන් ගියා. මම ඉස්සරහට යද්දි අක්කයි මල්ලියි වැටුණා. අයියා මගේ පිටුපස්සෙන් හිටියේ එයා දුවගෙන ආවා. ලිස්සලා එයා වතුර ට වැටුණා. මාත් වැටුණා. මම ගිලිලා උඩ ආවා. තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් දැක්කේ නෑ මං. මම ගහ ගාව හිරවෙලා හිටියා. මල්ලී අක්කයි එහා පැත්තේ හිටියා.”