සහල් වැඩි මිලට වික්කොත් රුපියල් ලක්ෂයක දඩයක්! තව අවුරුදු 3කට සහල් මිල වැඩිවෙන්න දෙන්නේ නෑ

0
Bandula Gunawardhana - සහල් වැඩි මිලට වික්කොත් රුපියල් ලක්ෂයක දඩයක්! තව අවුරුදු 3කට සහල් මිල වැඩිවෙන්න දෙන්නේ නෑ

රජය නියම කළ මිළට වඩා වැඩියෙන් සහල් අලෙවි කිරීමට කටයුතු කරනු ලබන සෑම ව්‍යාපාර ආයතනයක් සඳහාම රු.ලක්ෂයක දඩයක් නියම කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මෙම නීතිය ගෙනඒම සදහා පාරිභෝගික සේවා අධිකාරී පන‌තේ විධි විධාන සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මොණරාගල ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි බන්දුල ගුණවර්ධන මහතා මේ බව සදහන් කළේ.

පසුගිය කාලය තුළ ජනතාව ඉතාම පීඩාවට පත් කරමින් සහල් මාෆියාව ක්‍රියාත්මක වීමත්, රජයේ නීති රීති උල්ලංඝනය කරමින් සහල් මිළ ඉතාම අසාධාරණ ලෙස ඉහළ දමමින් කටයුතු කිරීමත් හේතුවෙන්, සහල් මාෆියාවට සම්පූර්ණයෙන්ම තිත තැබීමට රජය විසින් සෑම ආකාරයකින්ම සූදානම් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව ඉදිරි වසර තුනක කාළය තුළ කිසිදු ලෙසකින්වත්, කුමන හේතුවක් මත, සහල් මිළ වැඩි කිරීමට ඉඩ නොතබන බව බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළා.