පුතා එල්ල කළ පොරෝ පහරකින් මව ජිවිතයෙන් සමුගනී

0
Murder - පුතා එල්ල කළ පොරෝ පහරකින් මව ජිවිතයෙන් සමුගනී

මත් ද්‍රව්‍යවලට අබ්බැහි වූ පුතා එල්ල කළ පොරෝ පහරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ මවක අද දහවල් මියගිය බව දකුණු කළුතර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පලාතොට පදිංචි අනුලා පෙරේරා නමැති මවකි.

ආහාර පිසිමින් සිටි මවට සැකකාර පුතා පොරොවකින් ගසා ඇත්තේ ඉකුත් 17 වැනි දාය. අනතුරුව ඇය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මිය ගියාය. සැකකාර පුතා ජූලි 13 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කර ඇත.