මම කවදාවත් බය වෙලා නෑ! විශ්වාස නැත්නම් අම්මගෙන් අහල බලන්න

0
Udaya Gammanpila - මම කවදාවත් බය වෙලා නෑ! විශ්වාස නැත්නම් අම්මගෙන් අහල බලන්න

එලැඹෙන 19 හා 20 දෙදින තුළ විවාදයට ගැනීමට නියමිත තමා පිළිබඳ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිදු බියක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

හංවැල්ල නව බස් නැවතුම්පොළ ඉදිකිකිරීමේ සමාරම්භක අවස්ථාවට අද (11) එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ඔයාට මාව විශ්වාස නැත්නම් අපේ අම්මාගෙන් අහන්න, මම ජීවිතේ කවදාවත් බය වෙලා නෑ. දැකලා තියෙනවා ද මගේ මුණේ භයක් එකම එක දවසක. වේදනාව. මම හැමදාම ඉන්නේ සැහැල්ලුවෙන් තමයි.”

ප්‍රශ්නය – බැසිල් මහත්තයත් පාර්ලිමේන්තු ආවා ඔබතුමාගේ විශ්වාසභංගයට සහයෝගය ලබාදෙයි ද?

“මම අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න කැමති නෑ. ඉවසලා ඉන්න 20වෙන දා හවස වෙද්දි මොකද වෙන්නේ කියලා හරියට ම බලාගන්න පුළුවන්”

ප්‍රශ්නය – ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශයක් කරලා තියෙනවා තෙල් මිල වැඩි කිරීමට ආණ්ඩුවේ කැමත්තක් නැතුව ඔබතුමා ගෙනාපු යෝජනාවට පක්ෂව තමයි ක්‍රියාත්මක වුණේ කියලා.

“මම ආණ්ඩුව කියලා කියනවා නම් මට හරි සන්තෝෂයි. මම දැනගෙන හිටියේ නෑ මමයි ආණ්ඩුව කරන්නේ කියලා”

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)