අම්මයි තාත්තයි එකතුවී පුතා ඝාතනය කරයි – දරුවන් සමඟ බිරිඳ තනිවෙයි

0
Hasalaka Incident අම්මයි තාත්තයි එකතුවී පුතා ඝාතනය කරයි - දරුවන් සමඟ බිරිඳ තනිවෙයි

28 හැවිරිදි සිය පුතු ඝාතනය කළ මව සහ පියා ඇතුළු සිව්දෙනෙකු හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් මියගිය තරුණයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසරණ තත්ත්වයකටයි.

හසලක හතේ ඇල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඒ.ජී.සුනිල් නිශ්ශංක අවුරුදු 3 ක් සහ සති තුනක් වයසැති සිඟිති දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.

ඔවුන් ජීවත්වුණේ සුනිල්ගේ දෙමාපියන්ට අයත් නිවසේ පිටුපස කුඩා කාමරයකයි.

ස්ථිර රැකියාවක් පවා නොමැති සුනිල් ජීවිකාව ගෙන ගොස් තිබුණේ කුලීවැඩ කරමින්.

පවුලේ ආරවුලක් දුරදිග යාමෙන් සුනිල්ගේ පියා සහ සුනිල්ගේ නැගණියගේ සැමියා පසුගිය අගහරුවාදා තම ස්වාමියාට පොලුවලින් පහර දුන් බවයි සුනිල්ගේ බිරිඳ සඳහන් කළේ .

ඇය පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව හසලක පොලිසිය පැමිණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කළත් පසුගිය බ්‍රහස්පතින්දා සුනිල් මෙලොව හැර ගොස් තිබෙනවා.

සුනිල්ගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසරණභාවයකටයි.

හලාවත ප්‍රදේශයේ තරුණියක් වන ඇය පවසන්නේ තම පවුලේ සහෝදර සහෝදරියන් කිසිවෙකුත් නොමැතිබවයි.

ඇගේ මව ද අංශබාග රෝගයෙන් පෙළෙනවා.

මියගිය සුනිල්ගේ දේහය නිවසට රැගෙන ආවත් එය තැන්පත් කෙරුණේ ගම්මානයේ ප්‍රජා ශාලාවකයි.

මේ අතර ප්‍රදේශවාසීන් මෙම සිද්ධියට විරෝධය පළකරමින් මෙලෙස හසලක ප්‍රජා ශාලාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා.

මෙම ආරවුලට මුල් වී ඇත්තේ සුනිල් විසින් ජීවත් වීම සදහා තම මව්පියන්ට අයත් නිවස තුළ කාමරයක් ඉල්ලා සිටීමේ සිදුවීමක් බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මිය ගිය සුනිල්ගේ මව පියා සහ නැගණිය සහ ඇගේ ස්වාමිපුරුෂයා හසලක පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

(hirunews.lk වෙබ් අඩවිය ඇසුරිනි)