ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සයිනොෆාම් එන්නත පෙන්වන ආරක්ෂාව

0
Sinopharm Vaccine - ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සයිනොෆාම් එන්නත පෙන්වන ආරක්ෂාව

සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් පුද්ගලයින්ට ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉතා හොද ආරක්ෂාවක් ඇති බවට දේශීයව සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා. අනුරාධපුරය ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“සයිනොෆාම් එන්නත ලබා ගත් පුද්ගලයින්ට හොඳ ආරංචියක් තිබෙනවා. ඒ සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් හොඳ ආරක්ෂාවක් තිබෙනවා කියලා දේශීයව සිදුකරලා තියෙනවා. ඒ වාර්තාව මේ ඉදිරි සතියේ බදාදා, බ්‍රහස්පතින්දා වන විට අදාළ වාර්තාව නිකුත් කරන්න නියමිතයි” මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටියා.