කොතලාවල පනතට විරුද්ධයි! විමල් ආණ්ඩුවට එරෙහිව පළමු වෙඩිමුරය පත්තු කරයි

0
Jathika Nidahas Peramuna - කොතලාවල පනතට විරුද්ධයි! විමල් ආණ්ඩුවට එරෙහිව පළමු වෙඩිමුරය පත්තු කරයි

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත තුල තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩ සලසන ප්‍රතිපාදනය ඉවත් නොකරන්නේ නම් තම පක්ෂය ඊට විරුද්ධව ඡන්දය පළකරන බව ආණ්ඩුවෙ හවුල්කාර පක්‍ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ දන්වා තිබේ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට තමන් මේ බව දැනුම් දුන් බව එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

එම පනතට එරෙහිව ඇතිව තිබෙන විරෝධතාවය හා තම පක්ෂය දැක්වූ ස්ථාවරය හේතුවෙන් අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම අගෝස්තු මාසය දක්වා කල් දමා ඇති බවද ඔහු පැවසීය.

අගෝස්තු මාසයේ දීද ඉදිරිපත් කරන පනතින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට කිසිදු ආකාරයකින් තම පක්ෂයට එකඟවිය නොහැකි බවද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.