තවත් කොවිඩ් ආසාදිත මරණ 33ක්! සමස්ත මරණ ගණන 3467ක්

1
Covid deaths - තවත් කොවිඩ් ආසාදිත මරණ 33ක්! සමස්ත මරණ ගණන 3467ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 33 ක් තහවුරු වී තිබෙනවා.

ඉන් 27 දෙනෙකු වයස අවුරුදු 60 හෝ ඊට වැඩි අය වන අතර 05 දෙනෙකු වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.

වයස අවුරුදු 30 ට අඩු එක් කොවිඩ් මරණයක්ද ඊයේ වාර්තා වී තිබෙනවා.

මේ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3467 දක්වා ඉහළ ගියා.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 1804 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 242,839ක් දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 25,210ක්.

ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 1537 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 271,483ක් බවට පත්වනවා.