රට විවෘත කෙරුවට පස්සේ ඕන නාඩගමක් නටන්න! එතකන් ඉවසන් ඉන්න

0
Namal Rajapaksa - රට විවෘත කෙරුවට පස්සේ ඕන නාඩගමක් නටන්න! එතකන් ඉවසන් ඉන්න

කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගනිමින් රට ක්‍රමානුකූලව විවෘත කරමින් සිටින අවස්ථාවක කොරෝනා වසංගතයේ හතරවන රැල්ලක් නිර්මාණය කිරීමෙන් වළකින ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට සයිනොෆාම් කොවිඩ් එන්නත ලබාදීමේ වැඩසටහන නිරික්ෂණය කිරීම සදහා අද (10) එක්වෙමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළා.

සෞඛ්‍ය අංශ දී ඇති නිරෝධායන උපදෙස් අල්ලංඝණය කරන අයහට නීතියේ භාවිතාව පිළිබද කථා කිරීමට අයිතියක් නොමැති බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී ප්‍රේක්ෂකයින් සදහා ක්‍රිඩාංගන විවෘත කිරීමට ඇති හැකියාව සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළා.

ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබාදීමෙන් පසුව සියලුම ක්‍රිඩා සදහා ප්‍රේක්ෂකාගාර විවෘත කිරීමට හැකියාවක් ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.