නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කරන වෛරසයක් ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්

0
Zika Virus - නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කරන වෛරසයක් ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන සීකා වෛරසය ආසාදිත පුද්ගලයෙකු මෙරටට පැමිණියහොත් ලංකාවට ද එම වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

මෙහි විශේෂත්වය වන්නේ අදාළ වෛරසයෙන් නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කිරීමයි.

මදුරුවන් මගින් පැතිරෙන මෙම සීකා වෛරසය ආසාදනය වූ 13 දෙනෙකු පමණ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවී තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් යම් පුද්ගලයෙකු දිවයිනට පැමිණෙන්නේ නම් ඔහු සිකා වෛරසය ආසාදිතයෙකු ද යන්න පිළිබදව කඩිනම් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.