මහින්ද රාජපක්ෂ පාලන සමයේ වගේම දැනුත් පොලිසිය කටයුතු කරන ආකාරය ගැන පැහැදීමක් නැති බව නාමල් කියයි

0
Namal Rajapaksa - මහින්ද රාජපක්ෂ පාලන සමයේ වගේම දැනුත් පොලිසිය කටයුතු කරන ආකාරය ගැන පැහැදීමක් නැති බව නාමල් කියයි
උද්ඝෝෂණවල නිරත ජනතාවට එරෙහිව පොලිසිය කටයුතු කරමින් සිටින ආකාරය තමන් කිසිසේත් අනුමත නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

තම පියා වන මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ මෙන්ම පසුගිය රජය සමයේ පොලිසිය විරෝධතාකරුවන්ට එරෙහිව කටයුතු කළ ආකාරය ද තමන් අනුමත නොකරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

උද්ඝෝෂණය කිරීමට ජනතාවට අයිතියක් ඇති බව කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයට පත්කිරීම පිළිබදවද මාධ්‍යවේදීන් මෙහිදී නාමල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය විමසා සිටියා.

මුදල් අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගත් තීරණයක් බවයි නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ.