මට උඩින් ඉන්නේ ජනපති-අගමැති විතරයි : කාගෙවත් බලපෑම්වලට මම යටත් වෙන්නේ නෑ

0
Udaya Gammanpila මට උඩින් ඉන්නේ ජනපති-අගමැති විතරයි : කාගෙවත් බලපෑම්වලට මම යටත් වෙන්නේ නෑ

”කිසිවකුගේ බලපෑමට මා යටත්වන්නේ නැහැ කියා මම ඔබට සහතිකයක් දෙනවා” යැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ය.

ජනපති-අගමැති බලපෑම් කර නෑ

”මා මේ අමාත්‍ය ධූරයට පත් කර තිබෙන්නේ අගමැතිවරයාගේ නිර්දේශ යටතේ ජනාධිපතිවරයා විසින්. මට ඉහළින් ඉන්නේ එතුමන්ලා පමණයි. එතුමන්ලා දෙදෙනා මගේ අමාත්‍යාංශයේ කටයුතුවලට කවදාවත් ම බලපෑමක් කරලා නැහැ.

ඇමෙරිකානු තානාපතිවරිය මට ලියුමක් එවූ බව ඇත්තයි, මා හමුවුණු බවත්ඇත්තයි. ඒ  සාකච්ඡාවේදී සිදුවුණු දේවල් පිළිබඳව ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් මේ වනවිට දැනුවත් කරලයි තියෙන්නේ.

ඒ තානාපතිවරු තමන්ගේ රටේ දැවැන්ත සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් මට ඉදිරිපත් කරපු අදහස් දැක්වීම්වලදී මම ඒ තානාපතිවරුන්ට ලිඛිතව දැනුම් දුන්නා මේක ලංකා ඉතිහාසයේ තියෙන දැවැන්තම ව්‍යාපෘතියක් බව. කොහො ම කළත් විවිධ චෝදනාවලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේක විවෘත ටෙන්ඩර් කැඳවීමකින් ලංකාවට වඩාත් වාසිදායක ටෙන්ඩරයක් තියෙන කෙනාට තමයි ලබාදෙන්නේ. ඔබටත් පුළුවන් ඒ ටෙන්ඩරයට සහභාගි වෙන්න කියලා. ඔබට මම
එක සහතිකයක් දෙනවා කිසිවෙකුගේ බලපෑමකට මම යටත්වෙන්නේ නැහැ කියලා.”

සමගි ජන බලවේගයේ මන්ත්‍රි චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේදී ඊයේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති ගම්මන්පිල ඉහත සඳහන් ප්‍රකාශය කළේය.