රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් – දයාසිරි

0
Dayasiri Jayasekara රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් - දයාසිරි
තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පක්ෂ මධ්‍යම කාරක සභාවට දන්වා තිබෙනවා.

ඒ ඊයේ පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදීයි.

පක්ෂය තීරණය කරන්නේ නම් තමන් ඊට පසුදාම අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට සූදානම් බවයි ඔහු සඳහන් කලේ.

මධ්‍යම කාරක සභාව අවසානයේ පිටතට පැමිණීමෙන් පසු දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කලා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර ඔහු කියාසිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවයි.