උසස් පෙළ විභාගය ඔක්තෝබර් පවත්වයි ද?

0
A/L Exam - උසස් පෙළ විභාගය ඔක්තෝබර් පවත්වයි ද?

ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත මෙවර උසස් පෙළ විභාගය කල්දැමීම හෝ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිදුකළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ කඩිනමින් පවත්වන බව ද අමාත්‍යවරයා පැවසීය.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා – “2020 සාමාන්‍ය පෙළ ලියපු දරුවන්ගේ ප්‍රතිඵල දෙන්න බැරිවෙලා තියෙනවා. ඒකට හේතුව පෙරදිග හා අපදිග සංගීතය මෙන්ම නාට්‍ය හා රංග කලාව වැනි විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ තාම පවත්වලා නෑ.”

අමාත්‍ය ජී.එල්.පීරිස් – “ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ ව හැකිතාක් ඉක්මනින් පරීක්ෂණ පවත්වලා ඒ කටයුතු කරන්න අපි උත්සහ දරනවා.”