හෙට අනිද්දා සිට ආසාදිතයින් වැඩිවෙයි – PHI සංගමයෙන් දැනුම්දීමක්

0
PHI Notice හෙට අනිද්දා සිට ආසාදිතයින් වැඩිවෙයි - PHI සංගමයෙන් දැනුම්දීමක්

සිය රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වීමත් සමග පීසීආර් පරීක්ෂණද පෙර ආකාරයෙන්ම සිදුවන බැවින් ඉදිරියේදී කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ සම්බන්ධයෙන් මහජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව කියා සිටියා.

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය මෙහිදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඇගයීමට ලක්වුණා.

උපුල් රෝහණ මහතා කියා සිටියේ සුදුසුකම් සහිත වෛදවරුන් , හෙද හෙදියන් රැසක් යුද්ධ හමුදාව යටතේ සේවය කරන බැවින් යුධ හමුදා රෝහල් වෙත ගොස් එන්නත්කරණය සිදුකර ගැනීම සදහා මහජනතාව කිසිදු අනිසි සැකයක් ඇති කර නොගත යුතු බවයි.