zoom තාක්ෂණය සඳහා පැකේජ දෙන්නම් කියා දැරියන් රවටා අපයෝජනය කරලා

0
Zoom Package - zoom තාක්ෂණය සඳහා පැකේජ දෙන්නම් කියා දැරියන් රවටා අපයෝජනය කරලා

zoom තාක්ෂණය සදහා පැකේජ ලබාදෙන බව පවසා පිටබැද්දර පාසලක සිසුවියන් පිරිසකගේ දුරකතන අංක ලබාගෙන ඔවුන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයකට ලක් කළ සැකකරුවකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශනය විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

තම සිසුවියන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයකට ලක්කර ඇති බවට විදුහල්පතිවරයා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු තමුත්තේගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු බවත් ඔව් ප්‍රධාන පෙළේ පෙලේ ජංගම දුරකථන දුරකතන සමාගමක සේවකයකු වූ බවද පොලිසිය කියයි.

මෙම සැකකරු ජංගම දුරකථන හරහා සිසුවියන්ගේ ඡායාරූප ලබාගෙන ඔවුන් ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව ද අජිත් රෝහණ මහතා කීය.

සැකකරු අද මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.