ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට

0
Dasun Shanaka - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත් කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මෙම පුවත වාර්තා වන්නේ එංගලන්ත තරග සංචාරයේදී කුසල් ජනිත් ගේ නායකත්වය සම්බන්ධයෙන් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් විසින් ප්‍රශංසා කර ඇති පසුබිමකදිය.

ඒ අනුව නායකත්වයේ වෙනසක් ඉදිරියේදී සිදුවුවහොත් කුසල් පෙරේරාගේ නායකත්වය එක්දින තරග 6 ක් සහ විස්සයි 20 තරග 3 ක් සමඟ සිමා වෙනු ඇති අතර, ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක් තරගයක් පමණක් ජයග්‍රහණය කිරීමට සමත්වූවාය.

කුසල්ගේ නායකත්වය ස්ථිර පත්වීමක් නොව අත්හදා බැලීමක් බව බංග්ලාදේශ සංචාරයට පෙර ප්‍රධාන තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ දැනුම් දී සිටියා.

2019 දී ශක්තිමත් පාකිස්තානුවන්ට එරෙහිව තරුණ කණ්ඩායමක් ජයග්‍රහණය කරා මෙහෙයවූ දසුන් ශානක ජාතික කණ්ඩායමට නායකත්වය දීමේ අත්දැකීම් ඇති අයෙක්ද වනවා.

ආරක්ෂක හේතූන් මත පාකිස්ථාන තරග සංචාරයෙන් බොහෝ ජේෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් වුවද, එවකට විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01කට සිටි පාකිස්ථාන කණ්ඩායම ඔවුන්ගේ රටේදීම පරාජය කිරීමට දසුන් ශානක ඇතුළු කණ්ඩායමට හැකිවිය.

නව නායකත්වය සම්බන්ධයෙන් වන නිවේදනය ඉදිරි පැය 48 තුලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.