ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
Covid New Cases Yesterday - ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ගෙවුණු දිනයේ (06) මෙරටින් කොවිඩ් ආසාදිතයින් 934 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ආසාදිතයින් අතරින් 15 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරිනි.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි.

⭕ කොළඹ දිස්ත්‍රික්කය – 201 යි.
⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 160 යි.
⭕ කළුතර දිස්ත්‍රික්කය – 102 යි

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.