දුම්රිය අනතුරකින් අනු නවයෙන් දිවි බේරාගත් කාන්තාවන් දෙදෙනා(VIDEO)

0
Train accident - දුම්රිය අනතුරකින් අනු නවයෙන් දිවි බේරාගත් කාන්තාවන් දෙදෙනා(VIDEO)
නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ගේට්ටුව වසන්නැයි එහි ක්‍රියාකරුට නිසි අයුරින් සංඥා ලබා නොදීම හේතුවෙන් කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් මෝටර් රථයක් දුම්රියක ගැටුනද එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකුගේ ජිවිත අනූ නවයෙන් බේරි ඇතැයි පොලිසිය පවසනවා.

එම මෝටර් රථය පැදවූ කාන්තාව සහ එහි ගමන් ගත් තවත් කාන්තාවක් දැඩි කම්පන තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිදු වූ අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ධාවනයට නුසුදුසු තත්ත්වයට පත් වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව නිමකර මහරගම නිවස කරා ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනා රැගත් මෝටර් රථය කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු විවෘත කර තිබීම හේතුවෙන් ඒ හරහා ගමන් කර තිබෙනවා.

කොළඹ සිට පාදුක්ක කරා ගමන් කරමින් තිබූ දුම්රියක් මෝටර් රථයට ආසන්නයට පැමිණීමත් සමගම මෝටර් රථයේ එන්ජිම නතර වී ඇති අතර ඒ සමගම දුම්රිය මෝටර් රථයේ වම්පස බඳ පෙදෙසේ ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි සඳහන්.