වීරකැටියේ තරුණයන් දෙදෙනකුගේ සිරුරු වැවකින් හමුවෙයි

0
Weeraketiya Incident - වීරකැටියේ තරුණයන් දෙදෙනකුගේ සිරුරු වැවකින් හමුවෙයි
වීරකැටිය ගජනායකගම බෝගමුව වැවට මාළු බෑම සදහා ගිය තරුණයන් දෙදෙනකු මිය ගොස් සිටියදි ඊයේ සොයා ගත් බව පොලිසිය කියයි.

වැව තුළදී මිය ගොස් ඇත්තේ දකුණු වෑකඳවල පදිංචිව සිටි 30 වැනි වියේ පසු වූ බාලගේ සිසිර සම්පත් හා 35 වැනි වියේ පසු වූ සීතිවක ලියනගේ සුගතපාල නම් අවිවාහක තරුණයක් දෙදෙනෙකි.

අකුණු සැර වැදීමෙන් මෙම තරුණයන් දෙදෙනා මිය යන්නට ඇති බව පොලිසිය සැකකරයි.

බිලිපිති දෙකක්ද රැගෙන බෝගමුව වැව ඉස්මත්තට ගොස් ඇති බවත් පෙරේදා සවස එම ප්‍රදේශයට අකුණු සමඟ වැස්සක් පතිත වූ බවට තොරතුරු ලැබුණු බවත් පොලීසිය කීය.