ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානක කොවිඩ් ප්‍රභේදයක්

0
Lambda - ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානක බවට මත පළ වන වෛරසයක් ගැන තොරතුරු අනාවරණය කෙරේ
දැනට ලෝකයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල ව්‍යාප්තියක් පෙන්නුම් කළ හැකි යැයි පවසන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් පේරු රාජ්‍යයෙන් හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව කොරෝනා ප්‍රභේදය ලැම්ඩා ලෙස හඳුන්වන අතර එය එංගලන්තය, ඉන්දියාව ඇතුලු රටවල් 30 කින් හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය පේරු රාජ්‍යයෙන් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මුල්වරට හඳුනා ගෙන ඇති අතර එය දකුණු ඇමරිකාව පුරා බහුලව ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)