පාසල් සිසුන් සඳහා රූපවාහිනී නාලිකා 20ක්

0
Ramesh Pathirana - පාසල් සිසුන් සඳහා රූපවාහිනී නාලිකා 20ක්
පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය සඳහා අධ්‍යාපන වැඩසටහන් ඇතුළත් රූපවාහිනී නාලිකා 20ක් ස්ථාපනය කීරීමට රජය සැලසුම් කරන බව සම කැබිනට් ප්‍රකාශක වැවැලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (ජූලි 6) පැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක්ට පිළිතුරු දෙමිනි.

රූපවාහිනි නාලිකා මගින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී සිසුන් මුහුණ දෙන ගැටලුවලට රජය විසඳුම් දෙන්නේ කෙසේ දැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය.

පාසල් දරුවන්ට රූපවාහිනිය මගින් නොමිලේ අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සහ ඒ්සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ්අනුව, උසස් පෙළ විෂය ධාරාවන් සඳහා තාක්ෂණික, ජීව විද්‍යාව, ගණිතය සහ කලා විෂය ධාරාවන්ට වෙන්වූ නාලිකා 4ක් ස්ථාපනය කරන බව වැවිලි අමාත්‍යවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඟඳහන් කළේ, මේ වන විට විෂය මාලාව හා සම්බන්ධ පටිගත කිරීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදු වෙමින් පවතින බවය.

ලංකාවේ සමාන්‍ය රූපවාහිනි නාලිකාවක් නොමිලේ නැරඹීමේ හැකියාවක් නොමැති වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

“බොහොම පැහැදිලිව ම මේ සංඛ්‍යාත ජනතාව සතු දේවල්. ඒ්වා රජය සතු දේවල්. ඒ නිසා එම අධ්‍යාපන කටයුතු සූදානම් වීමෙන් පසුව ඒ්සියල්ල වෙනුවෙන් එම සංඛ්‍යාත ලබාගෙන අදාළ නාලිකා සමග ඒවා බෙදා හැරීමේ හැකියාවක් රජයට තිබෙනවා. ඒක රජයේ වගකීමක් හැටියටත් සලකලා අපි කටයුතු කරනවා.”