ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අදාළව දිනකදී වාර්තා වූ අඩුම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 816 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භකර ඇති වැඩවර්ජනය හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණ පහළ යෑම සහ රසායනාගාර වාර්තා ප්‍රමාදවීම, දෛනික ආසාදිතයින් සංඛ්‍යාව පහත වැටීමට හේතු වී ඇති බවය.

පසුගිය අලුත් අවුරුදු සමයෙන් පසු රට තුළ සිදුවූ කොවිඩ් ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් දෛනිකව වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 3,500 දක්වා අවස්ථා කිහිපයකදී ඉහළගොස් තිබුණි.

ගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

ඒ අනුව කළුතර ආසාදිතයින් 98ක් සහ නුවරඑළිය ආසාදිතයින් 97ක් වාර්තා වී තිබේ.

ගම්පහ 83ක්, බදුල්ල 80ක්, මොණරාගල 66ක් වශයෙන් ද ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

ඊයේ දිනය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇත්තේ ආසාදිතයින් 44කි.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 266,499 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 234,942කි.

තවදුරටත් කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 28,289 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවේ.