සංචාරණ සීමාවන් ලිහිල් කළත් රටේ තත්ත්වය භායානකයි

0
Delta Variant - සංචාරණ සීමාවන් ලිහිල් කළත් රටේ තත්ත්වය භායානකයි
සංචාරණ සීමාවන් ලිහිල් කළද තවමත් රට තුළ පවතින්නේ නිදහසේ කටයුතු කළ නොහැකි භයානක වාතාවරණයක් බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කළාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ඉහළින් සිටිමින් සංචරණ සීමාවන් ඉවත් කිරීමේදී රජය තීන්දු තීරණ ගෙන ඇත්තේ රටේ ජනතාවගේ ජීවනෝපාය මාර්ගවල ගැටලූවලට විසඳුම් ලබා දීම සඳහා බවද ඇය පෙන්වා දුන්නාය.

මෙලෙස සංචරණ සීමා ලිහිල් කිරීම තුළ ඉතා බරපතළ ලෙස කොරෝනා ව්‍යාප්තිය සිදුවිය හැකි බැවින් නිදහස බුක්ති විඳීමට ගොස් ලැබුණු නිදහස ජීවිතවලින් වන්දි ගෙවන එකක් කර නොගන්නා ලෙසද විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මාරාන්තික ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය පැතිරීම මේ වන විට ඇරඹී තිබීම ඇතුළු කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු පෙන්වා දීම සඳහා ඊයේ (05 වැනිදා) සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

නිදහස බුක්ති විඳීමට තවම කාලය පැමිණ නොමැති බැවින් සෞඛ්‍ය උපදෙස් නොතකා නිදහසේ කටයුතු කරන්නට ගොස් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට පත් නොකරන ලෙසද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

(දිවයින පුවත්පත ඇසුරිනි)