බැසිල් අනිද්දා පාර්ලිමේන්තු ඒම ස්ථිරයි

0
Basil Rajapaksa - බැසිල් අනිද්දා පාර්ලිමේන්තු ඒම ස්ථිරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අනිද්දා(08) දිවුරුම් දීම ස්ථිර බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ,බැසිල් රාජපක්ෂ මහතාට අසුන ලබාදීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.