තවත් කොරෝනා ආසාදිත ම’රණ 32ක් – සමස්තය 3268 දක්වා ඉහළට

1
Covid Deaths - තවත් කොරෝනා ආසාදිත ම'රණ 32ක් - සමස්තය 3268 දක්වා ඉහළට
ඊයේ (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා ආසාදිත ම’රණ 32ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ම’රණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3268ක් ලෙසටයි.

මෙම මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 14ක් සහ කාන්තාවන් 18ක් වනවා.

අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මියගිය පිරිසට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 5ක් සහ කාන්තාවන් 5ක් ද මියගොස් තිබෙනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 8ක් සහ කාන්තාවන් 13ක් ද ඊයේ තහවුරු කළ ම’රණ 32 අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.