ඊයේ දිනයේ කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
Covid New Cases - ඊයේ දිනයේ කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ
ගතවූ පැය 24 තුළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් වෛරස ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 249 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 221 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කළුතර 183ක්, මහනුවර 169ක්, ගාල්ල 112ක් වශයෙන් ද ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

ඊට අමතරව කුරුණෑගල 67ක්, රත්නපුර 64ක්, මඩකලපුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 48 දෙනා බැගින් ඊයේ දිනයේ හඳුනාගෙන තිබේ.

මේ අතර සංචරණ සීමා ලිහිල් කළ ද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් ඉදිරියේදී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරට සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට මහජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවය.

ඊයේ මෙරටින් නව ආසාදිතයින් 1,573 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පසුගිය සතිවල 20,000 සීමාවේ පැවැති දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව ගෙවුණු පැය 24 තුළ 9,000ස දක්වා අඩුවී ඇති බවය.

මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,236කි.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 265,630 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 233,317කි.

තවදුරටත් කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 29,077 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවේ.