තවත් කොරෝනා වෛරසය ආසාදිත ම’රණ 45ක් තහවුරු කරයි

1
Coronavirus Deaths - තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 45ක් තහවුරු කරයි
ඊයේ (03) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිත ම’රණ 45ක් වාර්තාවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (04) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ම’රණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3236ක් ලෙසටයි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 1022ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 266101ක් ලෙසටයි.

මේ අතර වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1323 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 233317ක් දක්වා ඉහළ ගියා.