දෙහිව සත්වෝද්‍යානයේ සිංහයාට ආසාදිත කොවිඩ් ප්‍රභේදය හෙළිවෙයි

0
Thor - දෙහිව සත්වෝද්‍යානයේ සිංහයාට ආසාදිත කොවිඩ් ප්‍රභේදය හෙළිවෙයි
මිට සති කිහිපයකට පෙර දෙහිව සත්වෝද්‍යානයේ දී කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වූ “තෝර්” නම් සිංහයා හට ආසාදිත වී ඇත්තේ B.1.1.7. යනුවෙන් හඳුන්වනු ලබන ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය බවට තහවුරුවී තිබෙනවා.

මෙම සිංහයාගේ ශ්වසන සාම්පල් පරික්ෂාව සිදුකළ රාගම වෛද්‍ය විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනය විසින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ බවයි.

” දෙහිව සත්වෝද්‍යානයේ සිටින මෙම සිංහයා ගේ ශ්වසන ආබාධය සම්බන්ධයෙන් වාර්තා වුවාට පසුව අදාළ ජෛව සාම්පල් පරීක්ෂණය රාගම වෛද්‍ය පිඨයේදී සිදුකරනු ලැබුවා. එහිදී එම සත්වයාට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට තහවුරු වුනා. පසුව අපි මෙම සත්වයාගේ ජෛව සාම්පල් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනයේ මහාචාර්ය නිලිකා මලවිගේ සහ ආචාර්ය චන්දිම ජිවන්දර වෙත යොමු කළා.

ඒ සත්වයාට ආසාදිතව තිබු කොවිඩ් ප්‍රභේදය කුමක්ද කියා තහවුරු කර ගන්න. අද දිනයේදී අපිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනය විසින් තහවුරු කර තිබෙනවා එම සත්වයාට ආසාදනය වෙලා ඇත්තේ B.1.1.7. යනුවෙන් හඳුන්වනු ලබන ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය කියලා ” ජේෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර ප්‍රකාශ කර සිටියා.