වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයාට කොරෝනා

0
Shooting - වෙඩිතැබීමෙන් මිය ගිය පුද්ගලයාට කොරෝනා
ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මිය ගිය පුද්ගලයාට කොව්ඩ්-19 ආසාදිත බවට අද (4) තහවුරුවූ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

මේ වෙඩි තැබිම ඉකුත් 2 වැනිදා රාත්‍රීයේදී සිදුවූ බවත් එයින් මිය ගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ පදිංචි දිලුක සදරුවන් විජේරත්න නමැති තිස් හැවිරිදි එක්දරු පියෙකු බවද පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් පසු මේ පුද්ගලයා ඇල්පිටිය රෝහලට රැගෙන ආ බවත් එහිදී ඔහු මිය යාමෙන් පසු ඊයේ(3) සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් ඔහු අසාදිතයෙක් බව අද (4) තහවුරුවූ බවත් පොලීසිය කියයි.