තවත් ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ

0

තවත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණ ගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේ හුදකලා කිරීමට තීරණය කර ඇත්තේ,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත්  පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයට අයත්ආ නන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය යන ප්‍රදේශයි.