නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් වෙයි! පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

0
හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා.

මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුව පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති.

ඉන් අනතුරුව සමාලෝචනයකින් පසුව පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පවතින සංචරණ සීමා යම් යම් ලිහිල් කිරීම් යටතේ ජුලි මස 19 වනදා දක්වා බලපැවැත්වෙන අතර බස්නාහිර පළාත තුල දැඩිව පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා විශේෂ තත්වයන් යටතේ සීමාවන් කිහිපයක් ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

නව සංශෝධන යටතේ පොදු ප්‍රවාහන සේවා සඳහා බස්නාහිර පළාත තුල ආසන ධාරිතාවෙන් සියයට 30ක උපරිමයකට යටත්ව සේවාවන් පවත්වාගෙන යාහැකි අතර අනෙක් පළාත් සඳහා ආසන ධාරිතාව සියයට 50 දක්වා වැඩිකර තිබෙනවා.

එමෙන්ම ආයතනික රැස්වීම් සඳහා තිබූ සීමාවන් ලිහිල් කරමින් අත්‍යවශ්‍ය රැස්වීම් සඳහා 10 දෙනෙකුට සීමා කරමින් පැවැත්විය හැකියි.

වැඩමුලු සම්මන්ත්‍රණ සන්නාම දියත් කිරීම සඳහා පනවා ඇති උපරිම පුද්ගල සංඛ්‍යාව 25ක්.

නව සීමා ලිහිල් කිරීම් යටතේ සාප්පු සංකීර්ණ විවෘතව තැබීමට අවසර ඇති අතර එතුල නිකරුණේ ගැවසීම තහනම් කර තිබෙනවා.

එමෙන්ම සිල්ලර අලෙවිසැල් සෞඛ්‍ය රෙගුලාසි යටතේ විවෘත කිරීමට නව සීමා ලිහිල් කිරීම් අනුව හැකියාව ලැබෙනු ඇති.

කෙසේවෙතත් මංගල උත්සව, අවමංගල්‍ය අවස්ථා, පූජනීය ස්ථාන සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් එලෙසම පවතිනවා.

හෝටල්, විවේකාගාර, ස්ථානය තුල අනුභව කළ හැකි සහ ආහාර පිටතට රැගෙන යාහැකි අවන්හල් සෞඛ්‍ය රෙගුලාසීන්ට යටත්ව විවෘත කිරීමට හෙට සිට අවසර ලැබෙන අතර සම්භාෂණ පැවැත්වීම් රාත්‍රී සමාජ ශාලා කැසිනෝ ඔට්ටු මධ්‍යස්ථාන සම්භාහන මධ්‍යස්ථාන පබ් සහ බාර් තවදුරටත් වසා තැබෙනු ඇති.

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්.