නොසැලකිල්ල නිසා ඉදිරිය තවත් දරුණු වේවි

0
Covid Delta - නොසැලකිල්ල නිසා ඉදිරිය තවත් දරුණු වේවි

මේ දිනවල බෝවන රෝගයේ ප්‍රතිඵල තවත් මාසයකින් විතර දක්නට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය .

කොවිඩ් මරණ අඩු වී ඇත්තේ පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා නිසා යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය මේ අවස්ථාවේදී රටේ එන්නත්කරණය වේගවත් කළ යුතු බවද සඳහන් කළාය.

පද්මා ගුණරත්න මහත්මිය මෙසේද කීවාය .

“ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් දාහතර දෙනකු කොළඹ ඇතුළු තවත් බාහිර ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන තියෙනවා .

මේ අවස්ථාවේදී අපි යම් සාමාන්‍ය තත්වයක් දකින්නේ සති තුනකට පෙර රට වසලා රෝග පාලනය කරපු නිසයි .ඒ නිසා මරණවල අනුපාතයක් අඩුවෙලා තියෙනවා .දැන් බෝවන රෝගයේ ප්‍රතිඵල දකින්න අපිට තවත් මාසයක් විතර යනවා .

ඒ කාලේ වෙනකොට අපිට පාලනයක් යොදන්න හැකියාවක් නැති වෙයි. හැබැයි අපේ නොසැලකිල්ල නිසා මේ රෝගය ඉතාම වේගයෙන් ලංකාව පුරාම පැතිරෙනවා කියලා කියන්න පුළුවන්.”

(ලංකාදීප වෙබ් අඩවිය ඇසුරිනි)