බැසිල් රාජපක්ෂ මොළ 7ක් තියෙන නායකයෙක්

0
Amarakeerthi Athukorala - බැසිල් රාජපක්ෂ මොළ 7ක් තියෙන නායකයෙක්
පවතින ආණ්ඩුව බලයට පත්වූ වකවානුවෙම මන්ත්‍රීවරුන් 115 දෙනකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට භාරදී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සදහන් කරයි.

තවමන් එම අවස්ථාවේදී පාර්ලිමේන්තු නොවන බව කියමින් බැසිල් රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කල බව ඔහු සදහන් කරයි.

මේ වන විට පවතින කොවි ඩ් අර්බුදය හමුවේ ආර්ථිකය බරපතල තත්වයකට පත්ව ඇති නිසා බැසිල් රාජපක්ෂ මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවට පැමිණීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.

එසේම බැසිල් රාජපක්ෂ මහතාට මොළ හතක් ඇති නායකයෙක් බවත් ඔහුට දුරදක්නා නුවනක් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

මේ අතර, දේශපාලඥයින්ටත් වඩා බැසිල් ඉල්ලන්නේ ජනතාව බව මන්ත්‍රී මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සඳහන් කරයි.