ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
ඊයේ (ජූලි 03) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,262 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් පුද්ගලයන් 11 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 247කි.

තවද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 224 දෙනෙකු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 105 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ අතර කොවිඩ් රෝගීන් 29,506 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් පිට වූ පුද්ගලයින් සංඛ්‍යාව 231,394කි.

මේ වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 264,057ක් වේ.

දිවයිනේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ පහත සටහන්හි දැක්වේ.