මේ විහිළු ඇමතිකම් හැදුවේ බැසිල් රාජපක්ෂ – බතික් ඇමති දයාසිරි ජයසේකර චෝදනා කරයි

0
Dayasiri Jayasekara - මේ විහිළු ඇමතිකම් හැදුවේ බැසිල් රාජපක්ෂ - බතික් ඇමති දයාසිරි ජයසේකර චෝදනා කරයි

මේ වන විට පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයක් නොවන බව බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ආණ්ඩුවේ ඇමති ධූර නිර්මාණය කිරීම, ඒවාට පත්කරන අය කවුරුන්ද යන්න තීරණය කිරීම මෙන්ම කුරුදු, ගම්මිරිස්,බතික් වැනි විහිළු ඇමතිකම් හැදුවේ ද බැසිල් රාජපක්ෂ හා පී.බී.ජයසුන්දර යන මහත්වරු බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වන විට තමන් වැන්නන්ගෙන් වැඩක් නොගෙන පැත්තකට කර තබන්නේද ඔවුන් වන අතර එය සියලු දෙනා තේරුම් ගත යුතු බවද ඔහු පවසයි.

විහිළු ඇමතිකම් හැදුවේ බැසිල් රාජපක්ෂ

”මේ ඇමති ධූර නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඇමති ධුරවලට මිනිස්සු පත්කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. රාජ්‍ය අමාත්‍ය ධුර හැදුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමයි පී.බී.ජයසුන්දර මැතිතුමායි. ඒවාට අදාළ ඇමතිවරු පත්කළේ ඒ අය. මැති ඇමතිකම්,කුරුදු ගම්මිරිස් ඇමතිකම් විශේෂයෙන් බතික් ඇමතිකම මට දීපු, මේ විහිළු ඇමතිකම් හැදුවෙත් බැසිල් රාජපක්ෂ මැතිතුමයි පී.බී.ජයසුන්දර මැතිතුමායි. අපිව මේ පැත්තකට කරලා වැඩක් ගන්නේ නැතුව තියල තියෙන්නෙත් ඒ අයම තමයි. ඒක තේරුම් ගත යුතුයි සියලු දෙනාම. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙවෙයි ඇත්තටම මේ තියෙන්නේ. මේ ආණ්ඩුව පත්කරපු නැති තැනකට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කරලා තියෙන්නේ. ඒක නිසා අපිට ලොකු කණගාටුවක් තියෙනවා. මේ පක්ෂ ටික ඔක්කොම එකතු කරගන්න ඕනේ. තනි ගමනක් කාටවත් යන්න බැහැ.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියි.