ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද

0
Eng vs Sl - ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 03 වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 03 යි 30 ට බ්‍රිස්ටල් හිදී එය ආරම්භවීමට නියමිතයි.

කෙසේවෙතත් 2-0 ලෙස සත්කාරක එංගලන්තය මේ වනවිටත් තරගාවලිය ජයගෙන අවසන්.

ජයග්‍රාහී සටහනකින් එංගලන්තය සමග අවසන් එක්දින තරගය නිම කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා ඊයේ දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මුල්පෙළ ක්‍රීඩකයන් අසමත් වූ පසු, පසුපෙළ ක්‍රීඩකයන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් හරහා ගමන් කිරීම අසීරු වන බවයි.

පසුගිය තරඟ දෙකෙහිදී එම තත්ත්වයට මුහුණදුන් බව ද ඔහු ප්‍රකාශ කළා.