මැතිසබයට එන බැසිල්ට වගකීම් ගොඩක්

0
Basil Rajapaksa - මැතිසබයට එන බැසිල්ට වගකීම් ගොඩක්
ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ වරාය නගරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය ධූර ය හොබවන නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ද ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ඩිජිටල් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේද ,දැනට පවතී.

මීට අමතරව අලුතින් ඇතිකරන ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, චමල් රාජපක්ෂ ඇමතිවරයාගේ සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ ත් අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ගණනාවක් පැවරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ලබන බ්‍රහස්පතින්දා (08) දිවුරුම් දීමට නියමිත අතර, ඔහු එදින හෝ ඊට පසු දින ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඔහු 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ද ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළේය.