ජංගම දුරකතන, රූපවාහිනි ආනයනය නතර කිරීමේ සැලසුමක්?

0
Mobile - ජංගම දුරකතන, රූපවාහිනි ආනයනය නතර කිරීමේ සැලසුමක්?

තවත් සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය ක්‍රමිකව සීමා කිරීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ ජංගම දුරකතන, රූපවාහිනී, අධිශිතකරණ ඇතුළු විවිධ උපකරණ හා සුවඳ විලවුන් වැනි දෑ ආනයනය නතර කිරීමට රජය සැලසුම් කර ඇති බවය.

විදෙස් සංචිත ශක්තිමත් කිරීම රජය මෙමගින් අපේක්ෂා කරන බව ද අදාළ වාර්තාවේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි ඔහු සඳහන් කළේය.