කුසල් ජනිත්ගෙන් ජයග්‍රාහී බලාපොරොත්තුවක්

0
Kusal Perera - කුසල් ජනිත්ගෙන් ජයග්‍රාහී බලාපොරොත්තුවක්
ජයග්‍රාහී සටහනකින් එංගලන්තය සමග අවසන් එක්දින තරගය නිම කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මුල්පෙළ ක්‍රීඩකයන් අසමත් වූ පසු, පසුපෙළ ක්‍රීඩකයන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් හරහා ගමන් කිරීම අසීරු වන බවයි.

පසුගිය තරඟ දෙකෙහිදී එම තත්ත්වයට මුහුණදුන් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

හෙට තරගය පිළිබඳ අදහස් දක්වමින් එංගලන්ත නායක ඉයන් මෝගන් ප්‍රකාශ කර ඇත්තේ සෑම අවස්ථාවකදීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වර්ධනය ඉලක්ක කරගෙන කටයුතු කරන බවයි.

එංගලන්තය හෙට බ්‍රිස්ටල් හිදී දෙරට අතර අවසන් එක්දින තරගයට එළඹෙන්නේ තවත් පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන්.

කෙසේ වෙතත්, ධනංජය ද සිල්වා, වනිදු හසරංග සහ දසුන් ශානකගේ පිතිකරණය ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ඇතිකරනු ඇති බව විචාරකයන්ගේ අදහසයි.