ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
Coronavirus New Cases - ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ
ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,823 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් පුද්ගලයන් 86 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 267කි.

තව ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 225 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 170 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ අතර, කොවිඩ් රෝගීන් 30,134 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් පිට වූ පුද්ගලයින් සංඛ්‍යාව 229,541කි.

මේ වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 262,795ක් වේ.

දිවයිනේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ පහත දැක්වේ. මේ අතර ඊයේ (ජූලි 2) දිනය තුළ තවත් කොවිඩ් ම’රණ 37ක් මෙරටින් වාර්තා වී
තිබේ.

එම ම’රණ ජූලි 1 දින සිදු වී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

මිය ගිය අය අතර කාන්තාවන් 12 දෙනෙකු සිටින අතර 25 දෙනෙකු පිරිමි පුද්ගලයෝ වෙති.

ඒ අනුව, මෙරට සමස්ත ම’රණ ගණන 3,157ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ.