ගින්නෙන් අක්කර සියයකට වඩා විනාශ වූ කොටවෙහෙරගල යාය (PHOTOS)

0
Kotawehera gala - ගින්නෙන් අක්කර සියයකට වඩා විනාශ වූ කොටවෙහෙරගල යාය (PHOTOS)
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරුණගම ග්‍රාම නිලධාරී වසමට අයත් කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ ඊයේ (2) රාත්‍රි හටගත් ගින්නකින් අක්කර සියයකට වඩා ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි පුරාවටම කදු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර පසුව වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කිරීම සදහා කටයුතු කර තිබෙනවා.

මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න පාලනය කිරීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

කිසියම් පුද්ගලයකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකපල කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය සහ වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කරයි.